ආදරණිය දුවේ පුතේ , තොරතුරු තාක්ෂණය, ගණිතය කියන විෂයන් ගොඩාක් දුවල පුතාලට නීරස විෂයන් බවට පත්වෙලා. ඒකට හේතුව ඒ විෂයන්ගේ වරදක්වත් ඔයාලගේ වරදක්වත් නෙමේ. ඒකට ඇත්තම හේතුව ඔයාල ලබා ඇති ඉගැනුම් අත්දැකීම්, ඒ විෂයන් නිවැරදිව ඔයාලගේ පුංචි මනසට තේරෙන විදියට ලැබිල නැති එක.ඒත් දුවේ පුතේ මේ විෂයන් ඔයා හරි විදියට තේරුම් ගත්තොත් ඔයාට හිතේවි මේ තරම් රසවත් ලේසි විෂයක් නෑ කියල.
මගේ මේ වෑයම ICT Maths විෂයන් ගේ නිවැරදි විෂය සංකල්ප සරලව පැහැදිලිව ඕනෑම සාධන මට්ටමක ඉන්න දුවෙක්ට පුතෙකුට තනිවම උනත් තේරුම් ගන්න පුලුවන් විදියට ඔයාලට උගන්වන්න. ඉතින් ඔයත් එන්න හරිම පිළිවෙලට අසාවෙන් ලස්සනට ඉගෙන ගන්න අපේ online ict පන්තියට …